IMF ණය ගැන ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්… ගිවිසුමත් සභාවට….

IMF ණය ගැන ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්… ගිවිසුමත් සභාවට….

IMF ණය ගැන ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්… ගිවිසුමත් සභාවට….

කර්තෘ Staff writer

22 Mar, 2023 | 6:15 am

COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට අනුමත කළ ණය පහසුකම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (22) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

අද දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වූ කොන්දේසි ඇතුළත් ගිවිසුම ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලට අදාළ පළමු වාරිකය ඉදිරි දින කිහිපය තුළ මුදා හැරිමට නියමිතවේ.

ඊට ඩොලර් මිලියන 333 ක් ඇතුළත් ය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 3ක ණය මුදල අනුමත කර ඇත්තේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා මූලධර්ම 5ක් මත පදනම්වයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]