.webp)

COLOMBO ( News1st ) - බගවන්තලාව, කෙසෙල්ගමු ඔයේ තිබී බිළිඳු මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, දින 03 ක් පමණ වයසැති බිළිඳියකගේ මළ සිරුරක් එලෙස සොයා ගත් බවයි.
වතු කම්කරුවන් පිරිසක් කළ දැනුම් දීමක් මත අද (22) උදෑසන මෙම බිළිඳියගේ සිරුර සොයා ගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
