පුද්ගලයෙකුගේ දෑත් කැපූ සැකකරු සොයා විමර්ශන

තියුණු ආයුධයකින් පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරුවෙක් සොයා විමර්ශන

by Staff writer 22-03-2023 | 2:49 PM


COLOMBO ( News1st) - මොරටුව,කොරළවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී විදුලි කාර්මිකයෙකුගේ දෑත් කපා රැගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ, තියුණු ආයුධයෙන් පහරදී දෑත් කැපී වෙන්වූ පසු සැකකරු ඒවා රැගෙන ගොස් ඇති බවයි.

ඊයේ (21) රාත්‍රී 7.00 ට පමණ අසල්වැසි නිවෙස් දෙකක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් එම පහරදීම සිදුව තිබෙන අතර 40 හැවිරිදි තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

විදුලි කාර්මිකයාට පහරදෙන ආකාරය හා ඔහුගේ වෙන්වූ දෑත් රැගෙන යන ආකාරය CCTV   කැමරාවක සටහන්වී තිබේ.

සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.