English
தமிழ்
කර්තෘ Staff writer
22 Mar, 2023 | 6:16 pm
COLOMBO ( News 1st ) – ටැන්සානියාව තුළ පළමු වරට මාර්බර්ග් වෛරසය පැතිරෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ටැන්සානියානු සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ලෝක සෞණ්‍ය දජවිධානය නිකුත් ඛළ නිවේදනයක දැන්වෙන්ටනේ ප්‍රථම වරට මාරාන්තික Marburg වෛරසය වැළඳුණු පුද්ගලියින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි
ඉබෝලා වෛරස ආසදිතයෙකුගේ රෝග ලක්ෂණවලට සමාන Marburg වෛරස ආසාදිතයින් 8 දෙනෙක් මේ වන විට වාර්තා වී තිබේ.
මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවකයෙකු ද වන බවත් ඔහුගේ ආශ්‍රිතයින් තිදෙනකු ප්‍රතිකාර ලබන අතර තවත් ආශ්‍රිතයින් 161 දෙනෙකු පමණ සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වෛරසය ආසාදනය වී දින 7ක් ඇතුළත අධික උණ, දැඩි හිසරදය තෙහෙට්ටුව දැඩි ලෙස වර්ධනය වී මරණය දක්වා යා හැකි අතර මෙම තත්ත්වය මීට මසකට පමණ පෙර ගීණී රාජ්‍යය ආශ්‍රීතව වාර්තා විය.
අප්‍රිකානු කලාපය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ටැංසානියා රජය සමග කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ, ඒ හේතුවෙන් මේ වන විට මධ්‍යම අප්‍රිකානු කලාපය තුළ අවදානම් තත්ත්වයන් හඳුනාගෙන වහා ප්‍රතිචාර දැක්වීමට හැකි කණ්ඩායම් මෙන්ම රෝග පාලනය වැළැක්වීමට හා රසායනාගාර පහසුකම් ජාලා පුළුල් කර ඇති බවයි.
01 Dec, 2023 | 12:19 PM
30 Nov, 2023 | 01:13 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS