.webp)
COLOMBO (News 1st) - හොරණ, බොරළුගොඩ කර්මාන්තපුරය අසලදී අද පෙරවරුවේ බස් රථයක් ගිනි ගෙන තිබේ.
මෙලෙස ගිනි ගෙන ඇත්තේ රත්නපුර - පානදුර මාර්ගයේ ගමන් ගන්නා බස් රථයකි.
බස් රථය ගිනි ගන්නා අවස්ථාවේදී එහි මගීන් සිට ඇති අතර, ඉන් කිසිදු අයෙකුට හානියක් සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසී ය.
පොලිසිය පැවසුවේ බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගිනි ගෙන ඇති බවයි.
හොරණ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත්වීමෙන් ගින්න මැඩ පවත්වා තිබේ.