.webp)
COLOMBO ( News1st ) - වැල්ලවාය,ඇල්ලවල ඇල්ලේ දිය නාමින් සිටියදී දියේ ගිලී අතුරුදන්වුණු තරුණයින් සිව්දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ අද (21) උදෑසන තරුණයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් සිය ඇති බවයි.
එම අවස්ථාවේදී එම පිරිසෙන් සිව්දෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබුණි.
මේ අතර පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව කළ මෙහෙයුමකදී එක් අයෙකුගේ සිරුරක් සොයාගෙන ඇති අතර අනෙක් තරුණයන් සෙවීමේ මෙහෙයුම් අද (21) පස්වරුව වනතෙක්ම ක්රියාත්මක විය.
මෙලෙස අනතුරට පත්වුණේ, වයස අවුරුදු 20 සහ 21 යන වයස් වල පසුවන කල්මුණේ ප්රදේශයේ පදිංචි තරුණයින් සිව්දෙනෙකි.
මින් පෙරද මෙම ස්ථානයේ දිය නෑමට පැමිණි පුද්ගලයින් අනතුරට පත්ව තිබු අතර ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීයි.
එහිදී ද මෙම ස්ථානයේ දියේ ගිලීමෙන් ජීවිත තුනක් අහිමි විය.
ප්රදේශවාසින් පවසන්නේ, මෙම ස්ථානයේ දියේ ගිලීමෙන් පුද්ගයින් 15 දෙනෙකුට පමණ මේ වනවිට දිවි අහිමිවී ඇති බවයි.