ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි – ජනපති

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි – ජනපති

කර්තෘ Staff writer

21 Mar, 2023 | 12:04 pm

COLOMBO (News 1st) –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින්, තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

IMF විස්තීරණ ණය පහසුකම අනුමත වීම සම්බන්ධයෙන් අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ,  මෙතැන් සිට සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව ද ශ්‍රී ලංකාවට හිමි වන බවයි.

ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය. 

මෙතැන් සිට අයි.එම්. එෆ්. එකඟතා අනුව ඉදිරියට යා යුතුව ඇති බව  සඳහන් කළ ජනාධිපතිවරයා ණය පහසුකම ලබා ගැනීම සඳහා සහය දුන් රටවලටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත්  ස්තුතිය පළ කළේ ය. 

හෙට (22) පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් විස්තීරණ ණය පහසුකම  පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් සිදු කරන බව ත් හෙට අදාළ එකඟතා ගිවිසුම සභාගත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.  

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]