English
தமிழ்
කර්තෘ Staff writer
21 Mar, 2023 | 6:51 pm
COLOMBO ( News1st ) – දේශීය ආදායම් පනත යළිත් සංශෝධන කිරීමට නව පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
එම සංශෝධන මගින් දේශීය ආදායම් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා අප්‍රේල් මස 01 වැනිදා දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී බදු අඩුකිරීම් ප්‍රතික්ෂේප කිරීම සහ එවැනි ගෙවීමක් බැහැර කිරීම දක්වා ඇති නිර්ණායකවලට අනුකූල නොවන්නේ වත්කම්වල පිරිවැය ලෙස සලකමිනි.
නමුත් නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ පහක් හෝ ඊට වැඩි මුදලක් 2023 අප්‍රේල් 01 වැනිදායින් පසු බැංකු පද්ධතියෙන් බැහැරව ගෙවීමක් කළහොත්, බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී අඩු කිරීමක් ලෙසත් 'පිරිවැය' කොටසක් ලෙසත් සැලකීමට නොහැකිවනු ඇති.
මෙය ශ්‍රී ලංකා රජය හෝ ඕනෑම රාජ්‍ය ආයතනයක් ,බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් මගින් කරන ගෙවීම්වලට හෝ අමාත්‍යවරයා විසින් නියම කළ හැකි පුද්ගලයින් හෝ ගෙවීම්වලට අදාළ නොවේ.
මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ හඳුන්වා දුන් දේශීය ආදායම් පනතේ සංශෝධනයන්ට අදාළව එම වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වූ ආයෝජන ආදායම් මත ලැබීම් සඳහා අදාළ බදු ගෙවීම් සිදුකර නොමැති සමාගම්වලට නව කෙටුම්පතින් සහනයක් ලබාදී තිබේ.
ඒ නව පනත ක්‍රියාත්මක වීමට පෙර අදාළ බදු මුදල් ගෙවීම් සිදුකරන්නේ නම් දඩ මුදල් හෝ පොලී ගෙවීම් වලින් නිදහස් කිරීමෙනි.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව ලබන මස 01වැනිදා සිට මෙම සංශෝධන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
08 Jun, 2023 | 09:21 AM
08 Jun, 2023 | 06:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS