ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් පිළිබඳව නව තීරණයක්

ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් පිළිබඳව නව තීරණයක්

ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් පිළිබඳව නව තීරණයක්

කර්තෘ Staff writer

21 Mar, 2023 | 6:41 pm

COLOMBO ( News1st ) – ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නව තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව අ.පොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගැන්වීම් කරන ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේනම්, ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා විශේෂ අභියචනා කමිටුවක් මගින් නැවත සලකා බැලෙනු ඇති. 

මේ අතර මෙතෙක් ලබාදී ඇති සියලුම තාවකාලික අනුයුක්ත මේ වසරේ ජුනි 30 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ  නිවේදනයක සඳහන් වේ. 

කෙසේවෙතත්, අභියාචනාවන්ට යටත් ගුරුවරුන් හැර අනෙකුත් ස්ථාන මාරු ලබන අප්‍රේල් 17 වැනිදා සිට ක්‍රියාත්මක බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]