.webp)
COLOMBO (News1st): මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළිත් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය අද (20) රාත්‍රී 8 සිට හෙට (21) අළුයම 5 දක්වා වසා දැමෙනු ඇති.
අදාළ මාර්ගය ඊයේ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානම මත වසා දමා යළිත් විවෘත කළේ අද (20) දින උදෑසන කාලයේ දීය.