ශ්‍රී ලංකාවට ණයදීම ගැන IMF අවසන් තීරණය අද..

ශ්‍රී ලංකාවට ණයදීම ගැන IMF අවසන් තීරණය අද..

by Staff writer 20-03-2023 | 8:58 AM

COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය අද(20) රාත්‍රී ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

ශ්‍රී ලංකාව ලබා ගනීමට අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහුසකම සම්බන්ධයෙන් අද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවේදී අවසන් තීරණය ගැනීමට නියමිතයි.