.webp)
COLOMBO (News1st) : ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට (20)යෙදී තිබේ.
“මුව සුව අභිමන් විදින්න - දිවි ඇති තෙක් සිනාසෙන්න” මෙවර එහි තේමාවයි.
මෙරට ජනගහනයෙන් 50% කට ආසන්න පිරිසක් යම් මුඛ රෝගයකට ගොදුරු වී ඇතැයි දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සඳහන් කළේ ය.
ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයට අනුව මෙරට ජනතාව අතර බහුලව පවතින්නේ, දත් දිරායාමේ රෝගයයි.
මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3කි.