.webp)
COLOMBO (News 1st) – එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග ඉසව් අද (20) පැවැත්වුණේ දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදීයි.
එහිදී මීටර 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට වෙළඳ සේවා ක්‍රීඩා සමාජයේ ජනිදු ලක්විජය සමත් විය.
ඒ මූලික වටයේ දී තත්ත්පර 13.82ක කාලයකින් තරගය අවසන් කරමිනි.
මීටර 800 බාලිකා තරග ඉසව්වෙන් වලල ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලයේ තරුෂි කරුණාරත්න නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් පිහිටුවීය.
ඒ මිනිත්තු 2යි තත්ත්පර 1යි දශම 3යි 9ක කාලයකින් තරගය අවසන් කරමිනි.