වසා දැමුණු 18 වංගුව ප්‍රදේශය යළි විවෘතයි..

මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි විවෘතයි..

by Staff writer 20-03-2023 | 10:24 AM

COLOMBO (News 1st) – තාවකාලිකව වසා දැමුණු මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 

2 වන වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (19) වසා දැමිණ.