' බූරු මූණා 'දින 90ක් රඳවා තබාගනියි

' බූරු මූණා ' දින 90ක් කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර

by Staff writer 20-03-2023 | 5:33 PM

 

COLOMBO (News 1st) – ' බූරු මූණා ' යන අන්වර්ථ නාමයෛන් හැඳින්වෙන, කළුමුනේ රවිදු සංඛ ද සිල්වා  දින 90 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී  තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ආරක්ෂක අමාත්‍යාංශයෙන් එම නියෝගය ලබාගත් බවයි.

හංවැල්ල පොලිස්  ස්ථානාධිපතිවරයාට ලද තොරතුරුක් අනුව බූරු මුණා නමැත්තා පෙරේදා (18) අවිස්සාවේල්ල අධිකරණය අසල මානියන්ගම මාර්ගයේ පිහිටි මෝටර් රථයක් තුළ සිටියදී අත්අඩංගුවට ගැනුණි.

ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ දකුණු අපරාධ කොට්ටාසයට භාර දෙනු ලැබූ අතර පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත හංවැල්ල ප්‍රදේශයේ විදුලි කණුවක් ආසන්නයේ සඟවා තිබූ සී 4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් සොයා ගත් බව පොලීසිය පැවසීය.

බූරු මුණා නමැත්තා  29 හැවිරිදි ගාල්ල රත්ගම මැදවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනයේ සේවය කර පලා ආ අයෙකි.

එසේම පසුගියදා කටුනායක පොලිස් අත්අඩංගුවේ සිටියදී බූරු මුණා පලාගොස් තිබුණ අතර සැකකරු මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ වෙඩික්කරුවෙක් බව ද  පොලීසිය පවසයි.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ඔහුට අවශ්‍ය අවස්ථාවල දී භාවිත කිරීමට පුද්ගලයෙකු ගෙනවිත් දුන් බවට සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.