පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ 'බූරූ මූණා' කළ අනාවරණය

බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් සොයා ගනී

by Staff writer 20-03-2023 | 3:28 PM

COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් රවිදු වර්ණරංග නොහොත් බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඔහු විසින් හංවැල්ල ප්‍රදේශයේ විදුලි කණුවක් ආසන්නයේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගත් බවයි.

අවිසාවේල්ල අධිකරණය අසල මානියන්ගම මාර්ගයේ පිහිටි මෝටර් රථයක් තුළ සිටියදී පසුගියදා ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
පසුගියදා රහසිගතව විදේශගත වීමට උත්සහ කළ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරින් විසින් 'බුරු මූණා'  අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දී තිබූ නමුත් පසුව ඔහු පොලිස් අත්අඩංගුවෙන් ද පලා ගොස් තිබුණි.

පසුව ඔහුට පලා යෑමට ආධාර අනුබල දුන් භික්ෂුන් වහන්සේ නමක් හා තවත් පුද්ගලයෙකු ද කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණි.