.webp)
COLOMBO (News 1st) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 50ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80ක් පමණ දක්වා ඉහළ යා හැකි ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ , ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.