පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කළ හැකි ද?

පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කළ හැකි ද? නීතිපති නිර්දේශය අද

by Staff writer 20-03-2023 | 4:59 PM

COLOMBO (News 1st) – පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කළ හැකි ද?  යන්න සම්බන්ධයෙන් නීතිපති නිර්දේශය අද (20)  ලැබෙනු ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, ජානක වක්කුඹුර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව  ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ඊයේ (19)  මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. 
 
ඒ අතරට මහ නගර සභා 29 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළත් වේ.

දිවයිනේ පළාත් පාලන ආයතන 341 ක් ස්ථාපිතව තිබුණ ද, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවීම ප්‍රමාද වූ බැවින් එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නොවේ.

නිල කාලය අවසන්වීමත් සමග පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට පත්කිරීමට නියමිත බව, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසීය.