ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම්වල රජයේ කොටස් විකුණා දැමීමට කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක්

කර්තෘ Staff writer

20 Mar, 2023 | 7:12 pm

COLOMBO (News1st): ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම් සතුව ඇති රජයේ කොටස් විකුණා දැමීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි එම සමාගම් අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබේ.

ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අත්සනින් කොළඹ කොටස් වෙළෙඳපොළට යැවූ ලිපියේ සඳහන් වන්නේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව මෙම පියවර ගන්නා බවයි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය මගින් අදාළ කොටස් අලෙවිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

ලංකා හොස්පිට්ල් සමාගම් ලේකම්වරයා කොටස් වෙළෙඳපොළට දන්වා ඇත්තේ, සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වන රජයේ කොටස් අලෙවි කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]