English
தமிழ்
කර්තෘ Staff writer
20 Mar, 2023 | 6:55 pm
COLOMBO (News1st):ලෝක දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් චීන ජනාධිපති ෂී ජින් පින් රුසියාවට ළඟා වී තිබේ.
තුන්වැනිවරටත් ජනපතිධුරයට පත් චීන ජනපති ෂී ජින් පින් මෙම සංචාරයට එක් වීමට ප්‍රථමයෙන් පුවත්පත් වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ,මෙම සංචාරය දෙරට අතර සබඳතා නව මානයකට ගෙන යනු ඇති බවයි.
වැඩි දුරටත් මොස්කව් ගුවන්තොටුපළේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, රුසියාව සහ චීනය අතර සබඳතාව හොඳ අසල්වැසියන් මෙන්ම සුහද හවුල්කරුවන් ලෙසයි.
චීන ජනපතිවරයාගේ පැමිණීම පිළිබඳව අදහස් පළ කරමින් රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,සිය පැරණි මිතුරාගේ පැමිණීම පිළිබඳව සුබවාදී අපේක්ෂාවන් තමා සතුවන බවයි.
එසේම චීන රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය හරහා යුක්‍රේන ගැටුම්කාරී වාතාවරණය නිමාවක් දැකීමේ හැකියාවක් පවත්නා බවත්,අදාළ යෝජනාවලිය තුළින් ගෝපීය අපේක්ෂා පෙන්නුම් කරන බවද රුසියානු ජනපතිවරයාගේ අදහසයි.
ජාත්‍යාන්තර අපරාධ අධිකරණයෙන් රුසියානු ජනපතිට එරෙහිව වරෙන්තුවක් පවා නිකුත් කර ඇති පසුබිමක චීන ජනපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳව ජාත්‍යාන්තරයේ අවධානය දැඩිව යොමු වී තිබේ.
කෙසේ වෙතත් අපරාධ අධිකරණයේ වරෙන්තු නිකුත් කර ඇති මෙහොතක දීත් රුසියානු ජනපතිවරයා නීතිවිරෝධී ලෙස සිය භූමියට ඈඳාගත් යුක්‍රේනයට අයත්ව තිබූ Mariupol වරාය නගරයේ සංචාරයක නිරත වීම පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
10 Jun, 2023 | 06:55 AM
08 Jun, 2023 | 06:41 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS