යතුරු පැදි අනතුරකින් පිය - පුතු දෙපළක් අවසන් ගමන්

යතුරු පැදි අනතුරකින් පිය - පුතු දෙපළක් අවසන් ගමන් යයි..

by Haindu Gihan 19-03-2023 | 12:39 PM

COLOMBO (News 1st) - සීදූව - කොටුගොඩ මාර්ගයේ පඤ්ඤානන්ද විද්‍යාලය අසළදී සිදුවූ රිය අනතුරිකින් පිය - පුතු දෙපළක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ, යතුරු පැදියේ ගමන් ගත් 14 හැවිරිදි පුතු සහ 45 හැවිරිදි පියා යි.  

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.