නොරොච්චෝලේ 03වැනි ජනන යන්ත්‍රය යළි බිඳ වැටෙයි..

නොරොච්චෝලේ 03වැනි ජනන යන්ත්‍රය යළි බිඳ වැටෙයි..

by Staff writer 19-03-2023 | 12:35 PM

COLOMBO (News 1st) - නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි බිඳ වැටී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මාසයේදී 03වැනි ජනන යන්ත්‍රයේ නඩත්තුවක් කිරීමට සැලසුම් කර තිබූ බවයි.

විදුලිබල මණ්ඩලය සතු ඩීසල් ඇතුළු  ඉන්ධන බලාගාර හරහා ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

විදුලිබල අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, මේ හේතුවෙන් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.