.webp)
COLOMBO (News 1st) - කිරින්ද, පළටුපාන සහ ගෝමරන්කඩවල තිඹිරිවැව ප්‍රදේශවලින් සුළු භූ කම්පන දෙකක් වාර්තා වී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ, අජිත් ප්‍රේම මහතා සඳහන් කළේ, අදාළ භූ කම්පන මෙරට ස්ථාපිත සියලු භූ කම්පනමාන වල සටහන්ව ඇති බවයි.
ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල තිඹිරිවැව ප්‍රදේශයට අද (19) අළුයම 3.30 ට පමණ සුළු භූ කම්පනයක් ඇතිවී තිබුණි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, එහි අගය මැග්නිටියුඩ් ඒකක තුනක අගයක් ගත් බවයි.
ගෝමරන්කඩවල ජනතාවට අද (19) අළුයම මෙම භූ චලන දැනී තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රදේශයේ ජනතාව පැවසූවේ,
''පාන්දර ලොකු සද්දයක් ඇහුණා මට. නැගිටලා බලද්දි 3.31 යි වෙලාව හරියටම. ඒකෙන් පස්සේ තව පොඩි 4 ක් ඇහුණා මට...''
''මෝටාර් එකක් හදනවා වගේ සූ ගාලා සද්දයක් ආවා. විනාඩි තුන හතරක කාල සීමාවක් ඒ සද්දේ ඇහීගෙනම ගියා...''
''මොකක්ද කියලා දන්නේ නෑ. ගෙවල්වල දොරවලුත් එක්කම උළුවහු ඔක්කොම හෙළවුණා. වහලේ නිකං උළු කැට වැලි ගහන්නා වාගේ සද්දේ..''
තවත් භූ චලයක් සිදුව තිබුණේ කිරින්ද පළටුපාන හ හාජියාර් ප්‍රදේශවලයි.
ඊයේ (18) පස්වරු 6.46 ට සිදුවී තිබූ මේ භූ කම්පනයේ අගය මැග්නිටියුඩ් ඒකක 2.6 ක් ලෙස සටහන් විය.
''මම පොල් ගාගා හිටියේ කුස්සියේ. ඉන්නකොට ඩෝං ගාලා සද්දයක් ඇහුණා. එකපාරම. ඊට පස්සේ පොල් ගාන එක පැත්තක තියලා එළියට බැහැලා බැලුවා. බැලින්නම් කට්ටිය කියනවා භූ චලනයක් කියලා''
''ගොඩක් අය හිතලා තියෙන්නේ ගොරවනවා කියලා. ඇතුළේ හිටපු අය තමා බඩු හෙල්ලෙද්දි හිතලා තියෙන්නේ භූමිකම්පාවක් කියලා එලියට බැස්සේ..''
'' මොකක්ද කියලා දන්නේ නෑ. අනිත් අයගෙන් ඇහුවාම කිව්වා එහෙ වුණාලු මොකක්ද දන්නේ නෑ..''
මෙරට පිහිටි අක්‍රීය භූ තල මායිමේ සිදු වන වෙනස්වීම් මේ භූ චලනවලට හේතු වී ඇතැයි භූ විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අතුල සේනාරත්න මහතා -
''අද (19) සිද්ධ වුණ කම්පන දෙක බැලුවම ගෝමරන්කවල හා කිරින්ද මේ දෙකම අර තල මායිම තුළ සිද්ධ වෙන කම්පන. මේ තල මායිම දිගේ ඉදිරියටත් කම්පන සිද්ධ වෙන්න පුළුවන්. මේ තල මායිම කෙළවර වෙන්නේ ලංකාවෙන් එළියට යන්නේ කිරින්ද හරහා. වැල්ලවායේ කම්පන සිද්ධ වෙන්න පුළුවන්. බුත්තල කම්පන සිද්ධ වෙන්න පුළුවන්. බිබිල.. ඒ වගේම ඉහළට යනකොට මාදුරුඔය වන රක්ෂිතවල කම්පන සිද්ධ වෙනවා ඇති. අපි දන්නේ නෑ. මේ කම්පන විශාල කම්පන වෙන්නේ නෑ. මොකද මේ තල මායිම මැරුණු තල මායිමක්. මේ තුළ දැනට කම්පන සිද්ධ වෙන ඒවා රික්ටර් පරිමාණයේ තුනෙන් පහළ වගේ තමයි අපිට දැනෙන්නේ. ඒ වගේ ප්‍රමාණයක සිද්ධ වෙන කම්පනවලින් ලොකු හානියක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩක් නෑ..''
අද (19) සහ ඊයේ (19) භූ කම්පනවලට අමතරව පසුගිය පෙබරවාරී මාසයේ දිවයිනේ ස්ථාන කිහිපයකින් භූ කම්පන වාර්තා විය.
වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවලින් මැග්නිටියුඩ් ඒකක 3 මැග්නිටිඩුට් 3.5 භූ කම්පන වාර්තා වූයේ පෙබරවාරී 10 වැනිදායි.
පෙබරවාරී 11 වැනිදා වැල්ලවායෙන් මැග්නිටියුඩ් ඒකක 2.3 ක තවත් භු කම්පනයක් වාර්තා විය.
පෙරවරු 8.45 ත් 9.00 ත් අතර කාල සීමාව තුළ බුත්තල, උනාවටුන ප්‍රදේශයේ භූ චලන කිහිපයක් සිදුවන්නේ, පෙබරවාරි මස 12 වැනි දිනයි.
පෙබරවාරි මස 22 වැනිදා, බුත්තල, පැල්වත්ත, ආනපල්ලම වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව තවත් භුචලන කිහිපයක් වාර්තා වූ අතර ඒවා සටහන් වූයේ,, මැග්නිටියුඩ් 3 ක් සහ 3.5 ක් ලෙසයි.
මේ අතර පසුගිය මාසයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව අයත් ඉන්දු - ඕස්ට්‍රේලියා තැටිය ආශ්‍රිත රටවල් වල අවස්ථා ගණනවක දී භූ කම්පන රැසක් වාර්තා විය.