කිරින්දේ සහ ගෝමරන්කඩවල භූ කම්පන 02ක්

කිරින්දේ සහ ගෝමරන්කඩවල සුළු භූ කම්පන 02ක්..

by Staff writer 19-03-2023 | 8:26 AM

COLOMBO (News 1st) - කිරින්ද, පලාටුපාන සහ ගෝමරන්කඩවල, තිඹිරිවැව ප්‍රදේශවලින් සුළු භූ කම්පන 02ක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ, අජිත් ප්‍රේම මහතා සඳහන් කළේ, අදාළ භූ කම්පන මෙරට ස්ථාපිත සියලු භූ කම්පන මානවල සටහන්ව ඇති බවය.

කිරින්ද, පලාටුපාන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය ඊයේ (18) සවස වාර්තා වී ඇති බවත් ගෝමරන්කඩවල ප්‍රදේශයේ භූ කම්පනය අද (19) උදෑසන වාර්තා වී ඇති බවත් අජිත් ප්‍රේම මහතා සඳහන් කළේ ය.

අදාළ භූ කම්පන පිළිවෙළින් රික්ටර් පරිමාණයේ ඒකක 2.6ක් සහ 3.00 වනබව ඔහු සඳහන් කළේ ය.

ඇතිවූ භූ කම්පන සම්බන්ධයෙන්  අනියත බියක් ඇති කරගත යුතු නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.