පාසල් නිවාඩුව අප්‍රේල් 05 වැනිදා ඇරඹෙයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 05 වැනිදා පාසල් නිවාඩුව ඇරඹෙයි

by Staff writer 18-03-2023 | 10:43 AM

COLOMBO (News 1st) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන මස 05 වැනිදා පාසල්වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන මස 17 වැනිදා යළිත් පාසල් ආරම්භ කරන බවය. 

2023 නව පාසල් වාරය මාර්තු 27 වැනිදා ආරම්භ වන බව ද අමාත්‍යාංශය පැවසීය.