.webp)
රාජකීයයන් නිල් මහ සටන දිනූ 36 වැනි අවස්ථාව මෙයයි.
කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීයයන් කඩුලු 8ක් දැවී ලකුණු 326ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවිය.
ශාන්ත තෝමස් පිළිතුරු ඉනිම ලකුණු 153කට සීමා විය.
රාජකීයයන් කඩුලු 4ක් දැවී ලකුණු 168ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවූයේ ශාන්ත තෝමස් ක්රීඩකයින්ට ලකුණු 342ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි.
කෙසේ නමුත් එම ඉලක්කය හඹා ගිය ශාන්ත තෝමස් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164කට දැවී ගියේ ය.
මෙවර රාජකීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන දසිස් මංචනායක පළමු ඉනිමේදී ශතකයක් ලබා ගත් අතර දෙවැනි ඉනිමේදී ලකුණු 57ක් රැස් කළේ ය.
රාජකීයයන් අවසන් වරට නිල් මහ සටන ජය ගත්තේ 2016 වසරේදීය.