ලිස්ටීරියා ව්‍යාප්තිය ගැන වසංගතවේද විමර්ශනයක්..

ලිස්ටීරියා ව්‍යාප්තිය ගැන වසංගතවේද විමර්ශනයක්..

by Staff writer 18-03-2023 | 6:52 AM

COLOMBO (News 1st) – ලිස්ටීරියා රෝගය වාර්තා වූ ප්‍රදේශ ආශ්‍රිතව වසංගතවේද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 

එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ, විමර්ශන කණ්ඩායම් අදාල ප්‍රදේශවලට යොමු කෙරෙන බවයි.

 සත්ත්ව මාංශ හා කිරි හරහා ද ලිස්ටීරියා රෝගය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශය පවසයි. 

එහි ප්‍රධානී ආචාර්ය තුෂාරී දිසානායක මහත්මිය සඳහන් කළේ, ගවයින් ඇතුළු ක්ෂීරපායි සතුන් අතර මෙම බැක්ටීරියාව පවතින බවයි.

ලිස්ටීරියා බැක්ටීරියාව පිළිබඳව නැවතත් දැඩි අවදානයක් යොමුවී ඇත්තේ, පසුගිය මාසයේදී රත්නපුර මහ රෝහලෙන් ආසාදිතයෙකු හඳනා ගැනීමත් සමගයි.

එම රෝගියා මිය ගොස් ඇති අතර, ඉන් සති 2ත් 3ත් අතර කාල සීමාවක් තුළ තවත් රෝගී දරුවන් දෙදෙනෙකු එම රෝහලේදීම මිය ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සනාථ කළේ ය. 

ආසාදිතයින් තිදෙනාටම පොදු කරුණක්වී තිබුණේ ඔවුන් ශ්‍රී පාද වන්දනාවේ නිරත වීමයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී පාද ස්ථානයට ආසන්න ප්‍රදේශවල වෙළෙඳසැල්වලින් ඊයේ (18)ආහාර සාම්පල් ලබා ගත්තේ ය.