English
தமிழ்
කර්තෘ Staff writer
18 Mar, 2023 | 6:52 am
COLOMBO (News 1st) – ලිස්ටීරියා රෝගය වාර්තා වූ ප්‍රදේශ ආශ්‍රිතව වසංගතවේද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ, විමර්ශන කණ්ඩායම් අදාල ප්‍රදේශවලට යොමු කෙරෙන බවයි.
සත්ත්ව මාංශ හා කිරි හරහා ද ලිස්ටීරියා රෝගය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශය පවසයි.
එහි ප්‍රධානී ආචාර්ය තුෂාරී දිසානායක මහත්මිය සඳහන් කළේ, ගවයින් ඇතුළු ක්ෂීරපායි සතුන් අතර මෙම බැක්ටීරියාව පවතින බවයි.
ලිස්ටීරියා බැක්ටීරියාව පිළිබඳව නැවතත් දැඩි අවදානයක් යොමුවී ඇත්තේ, පසුගිය මාසයේදී රත්නපුර මහ රෝහලෙන් ආසාදිතයෙකු හඳනා ගැනීමත් සමගයි.
එම රෝගියා මිය ගොස් ඇති අතර, ඉන් සති 2ත් 3ත් අතර කාල සීමාවක් තුළ තවත් රෝගී දරුවන් දෙදෙනෙකු එම රෝහලේදීම මිය ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සනාථ කළේ ය.
ආසාදිතයින් තිදෙනාටම පොදු කරුණක්වී තිබුණේ ඔවුන් ශ්‍රී පාද වන්දනාවේ නිරත වීමයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී පාද ස්ථානයට ආසන්න ප්‍රදේශවල වෙළෙඳසැල්වලින් ඊයේ (18)ආහාර සාම්පල් ලබා ගත්තේ ය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS