නව වැනි දිනටත් සරසවි ඇඳුරන් වර්ජනයේ...

වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය ආදායම් දෙපාර්මේන්තු නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක්

by Staff writer 17-03-2023 | 6:24 PM

COLOMBO (News 1st) – තම ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය ආදායම් දෙපාර්මේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේ , වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (17) යළිත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි. 

රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූහ. 

එහි උච්ඡතම අවස්ථාව වූයේ,  පසුගිය 15 වැනිදා වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක්ව දීපව්‍යාප්තව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමයි. 

එම එක්දින වර්ජනයෙන් පසුව වෘත්තීයවේදින්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එකඟතාව පල කළ අතර වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට අද (17) සාකච්ඡාවක් ලැබී තිබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ,විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජයනය කරමින් මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.