ශ්‍රී පාද මාර්ගයේ වෙළෙඳ සැල් පරීක්ෂාවකට

ලිස්ටීරියා රෝගය රත්නපුර දිස්ත්‍රික්කය පුරා පැතිරයාමේ අවදානමක් නැහැ... සෞඛ්‍ය අංශ කියයි

by Staff writer 17-03-2023 | 9:14 AM

COLOMBO (News 1st) – ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. 

රත්නපුර දිස්ත්‍රික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ, රෝගය වැළඳුණු කාන්තාවක පසුගිය දා රත්නපුර මහ රෝහලේදී මියයාමත් සමග මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවධානය යොමු කළ බවයි.

ඇය ශ්‍රී පාද වන්දනාවේ ගිය කාන්තාවකි.

උණ, වමනය, හිසරදය, පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය අපවිත්‍ර ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැළඳෙන බව වෛද්‍යවරු පවසති.  

ඒ අනුව ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළඳ සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර ආහාර සාම්පල ලබා ගැනීම ආරම්භ කළ බව ද ඇය ප්‍රකාශ කළා ය.

වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය අවධාරණය කළේ, මෙම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි.