.webp)
COLOMBO (News 1st) – ලිස්ටීරියා රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දෙයි.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය,සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට එම රෝගය අසාදනය වීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
මොකක්ද මේ ලිස්ටීරියා?
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය තුෂාරී දිසානායක මහත්මිය -
''ලිස්ටීරියා කියන්නේ බැක්ටිරියාවක් ලිස්ටිරියා මොනසයිටෝජිනස් කියන බැක්ටිරියාව මේක අලුත් දෙයක් නෙවෙයි. අපේ පරිසරයේ ගොඩාක් බහුලව තියෙන බැක්ටිරියාවක්.තදබල රෝගයක් ඇතිවීමේ අවදානම හරි අඩුයි සමහර වෙලාවට. අවුට් බ්‍රේක් විදිහට එක තැනකින් පටන් ගෙන බොහෝ දෙනෙකුට එකවර රෝගය පැතිරීමේ අවදානමක් තියන දෙයක්.. ''
ලිස්ටීරියා ආසාදනය වෙන්නේ කොහොමද?
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය තුෂාරී දිසානායක මහත්මිය -
''අපට බැක්ටීරියාව ඇග ඇතුළට එන්නේ, ආහාර සහ ජලය මගින් ඒ කියන්නේ මුඛ මාර්ගයෙන්.. ඒ කියන්නේ බැක්ටීරියාව ඇතුල් වෙන්නේ බඩවැලට ආහාර මාර්ගයට.සාමාන්‍ය ප්‍රතිශක්තිය ඇති අයගේ ආහාර මාර්ගයෙන්ම ඒක ඉවත් වෙලා යනවා අනෙක් අවයවවලට පැතිරීමේ අවදානමක් නැහැ..''
එතකොට රෝග ලක්ෂණ මොනවාද?
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය තුෂාරී දිසානායක මහත්මිය -
''සමහර වෙලාවට බඩේ අමාරුව, පාචනය තත්ත්වය සමහරවිට උණ ඒ වගේ ඇතිවෙන්න පුලුවන්. දරුණු රෝග තත්ත්වයක් ඇතිවෙන්නෙ නැ. වැඩි අවදානමක් ඇති අය ගැබිණි මව්වරුන් ඉතා කුඩා ළදරුවන් සහ අවුරුදු 60 වැඩි වයස්ගත පුද්ගලයින් සහ ඇගේ ප්‍රතිශක්තිය අඩු අයට බැක්ටීරියාව ලේ වලට ඇතුල් වෙලා රුධිර මාර්ගයෙන් මොලය ඇතුළු අවයව වලට පැතිරීමේ අවධානමක් තියනවා .ඒක දරුණු රෝග තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්.සාමාන්‍යයෙන් බැක්ටිරියාව ඇඟට ඇතුළු වෙලා සාමාන්‍යයෙන් සතියක් දෙකක් ඇතුළත රෝග ලක්ෂණ ඇති වෙනවා.. ඉතාම කලාතුරකින් ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නත් පුලුවන් .සැකයක් තියනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙන එක හොදයි...''
ලිස්ටීරියා බැක්ටීරියාව පිළිබඳව මේ වනවිට නැවතත් දැඩි අවධානයක් යොමුවී ඇත්තේ පසුගිය මාසයේදී රත්නපුර මහ රෝහලෙන් ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමගයි.
එම රෝගීයා මිය ගොස් ඇති අතර ඉන් සති දෙකත් තුනත් අතර කාල සීමාවක් තුළ තවත් රෝගී දරුවන් දෙදෙනෙකු එම රෝහලේදීම මිය ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සනාථ කළේය.
කෙසේවෙතත් මියගිය දරුවන් දෙදෙනාට අදාළ බැක්ටිරියාව ආසාදනය වී ඇති බවට තවමත් තහවුරුවී නොමැත.
තිදෙනාටම පොදු කරුණක්වී තිබුණේ, ඔවුන් ශ්‍රී පාද වන්දනාවේ නිරතවීමයි.
මේ නිසා සෞඛ්‍ය බලධාරීන් අද (17) වැඩිදුර පරීක්ෂණ සදහා ශ්‍රී පාද ස්ථානයට ආසන්න ප්‍රදේශවල වෙළෙදසැල්වලින් ආහාර සාම්පල් ලබා ගැනිණ.
රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය -
''මරණකරු විසින් පරිභෝජනය කරපු ආහාර කඩවල ආහාර සාම්පල් අපි අරගෙන වාර්තා කරලා යවලා තියනවා .නමුත් අපට ඒ කිසිම තැනකින් ඒ විෂබීජය තියනවා කියලා තහවුරුවක් මේ දක්වා නැහැ.. තවත් වාර්තා එන්න තියනවා.''
මේ රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේද?
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය තුෂාරී දිසානායක මහත්මිය -
''පිරිසිදුව අහාර පිලියෙල කිරීම මගින් මේ රෝගය වලක්වා ගන්න පුලුවන්. මස්, මාංශ, කිරි ආහාරයට ගන්නකොට ඒවා හොදින් රත්කරලා හොදින් පිස ආහාරයට ගන්නවා නම් බැක්ටිරියාව විනාශ වෙනවා.සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 60 කට වැඩි උෂ්ණත්වයකදී ලිස්ටිරියා බැක්ටිරියාව විනාශ වෙනවා.අමුවෙන් ආහාරයට ගන්න එලවලු පලතුරු ඒ වගේ දේවල් හොදින් සෝදා ආහාරයට ගත යුතුයි.මේ බැක්ටිරියාව අඩු උෂ්ණත්වයකදී ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දාපු කැම වල වර්ධන වෙන්න පුලුවන් අඩු උෂ්ත්වයට කැමති බැක්ටිරියාවක් මේක...''