දුම්රියේ වැසිකිළියෙන් සොයාගත් බිළිඳාගේ මාපියන්ට ඇප

මීනගයා දුම්රියේ වැසිකිළියෙන් සොයා ගත් බිළිඳාගේ මාපියන්ට ඇප

by Staff writer 17-03-2023 | 7:38 PM

COLOMBO (News 1st) – කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක බිළිඳෙකු දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇප මත මුදා හැර තිබේ.

ඒ ,එම නඩුව අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී යි. 

ඒ අනුව බිළිඳාගේ දෙමව්පියන් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණි.

බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් කළ ඉල්ලීමක් අනුව පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් බිළිඳා නැවත එම මව්පියන් වෙත භාර දෙන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ. 

අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ, බණ්ඩාරවෙල පරිවාස නිලධාරීගේ දැඩි අධීක්ෂණය යටතේ බිළිඳා එම මව්පියන් වෙත භාරදෙන ලෙසටයි. 

බිළිඳාගේ මව 25 හැවිදිරි වියෙහි පසුවන අතර පියාගේ වසය අවුරුදු 26 ක් වන අතර ඔවුන් අවිවාහක බව ද, අනාවරණය වී තිබේ.