'බූරු මූණා' පොලිස් අත්අඩංගුවට

පුද්ගල ඝාතන කිහිපයකට සම්බන්ධ රවිදු වර්ණරංග පොලිස් අත්අඩංගුවට

by Staff writer 17-03-2023 | 5:26 PM

COLOMBO (News 1st) – පුද්ගල ඝාතන කිහිපයකට සම්බන්ධ  'බූරු මූණා'  යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන රවිදු වර්ණරංග නමැත්තා පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , අවිසාවේල්ල ප්‍රදේශයේදීය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ,  නිහාල් තල්දුව මහතා පැවසූවේ මොහු පුද්ගල ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රැසකට චෝදනා ලැබූවෙකු බවයි.

පසුගියදා රහසිගතව විදේශගත වීමට උත්සහ කළ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරින් විසින් 'බුරු මූණා'  අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දී තිබෙන නමුත් පසුව ඔහු පොලිස් අත්අඩංගුවෙන් ද පලා ගොස් තිබුණි.

ඔහුට පලා යෑමට ආධාර අනුබල දුන් භික්ෂුන් වහන්සේ නමක් හා තවත් පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණි.