English
தமிழ்
කර්තෘ Staff writer
17 Mar, 2023 | 9:14 am
COLOMBO (News 1st) – ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
රත්නපුර දිස්ත්‍රික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ, රෝගය වැළඳුණු කාන්තාවක පසුගිය දා රත්නපුර මහ රෝහලේදී මියයාමත් සමග මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවධානය යොමු කළ බවයි.
ඇය ශ්‍රී පාද වන්දනාවේ ගිය කාන්තාවකි.
උණ, වමනය, හිසරදය, පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය අපවිත්‍ර ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැළඳෙන බව වෛද්‍යවරු පවසති.
ඒ අනුව ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළඳ සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර ආහාර සාම්පල ලබා ගැනීම ආරම්භ කළ බව ද ඇය ප්‍රකාශ කළා ය.
වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය අවධාරණය කළේ, මෙම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි.
02 Dec, 2023 | 01:11 PM
02 Dec, 2023 | 08:33 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS