.webp)

COLOMBO (News 1st) – නිව්ස්ෆස්ට් - NDB බලගැන්වුමෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා වනිතාභිමාන 2022 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය අද පස්වරුවේ සිරිස ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
ඒ දිරිය කාන්තාවන් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙනි.
වනිතාභිමාන වැඩසටහන 2022 වසරේදී ආරම්භ වූයේ, ශ්‍රී ලංකාවේ දිරිය කතුන් ඇගයීම අරමුණු කර ගනිමින් ය.
මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ, රත්මලාන මැදිරි සංකීර්ණයේදී ය .
ආරාධිත සම්භාවනීය අමුත්තන් රැසක් මෙරට දිරිය කතුන් ඇගයීම වෙනුවෙන් මේ උත්සවයට සහභාගී වූහ.
වනිතාභිමාන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නිවුස්ෆස්ට් හා NDB බැංකුවේ බලගැන්වුමෙන් ය.
පුරා වසරක් තිස්සේ දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන තුළින් දිරිය ව්‍යවසායිකාවන් සොයාගත්තේ දුර ඈත
බැහැර ගම්මානවලින් ය.
අද පස්වරුවේ එම දිරිය කතුන් රතු පළස මතින්, ස්ටයින් මැදිරි සංකීර්ණයට පිවිසියා ය.
කාන්තාවන් රැසක් අතුරින් අතිදක්ෂයින් තෝරා ගැනුණේ මිනස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් ය.
මෙහිදී ව්‍යවසායක ක්ෂුද්‍ර ,ව්‍යවසායක කුඩා ,ව්‍යවසායක නැගී එන,තරුණ නායිකා,පරිසර කළමනාකරණ,සමාජ සේවා,ක්‍රීඩා ,අධ්‍යාපන යන අංශ යටතේ දිරිය කාන්තාවක් ඇගයීමට ලක් කෙරිණ.
දිවයිනේ පළාතෙන් පළාතට යමින් ඛාණ්ඩ 10ක් යටතේ පැවති තරග අංශවලින් ජයගත් දිරිය කාන්තාවන් ජාතික මට්ටමේ තරගයට සුදුසුකම් ලැබුවා ය.
එහිදී දක්ෂතා දැක්වූ දිරිය කතුන් 10 දෙනෙකු අද සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
ආයතනික හා වෘත්තිය මට්ටමේ දිරිය කාන්තාවන 10 දෙනෙකුද වනිතාභිමාන සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
ප්‍රවීන රංගන ශිල්පිණී අනෝජා වීරසිංහ , මෙරට ජාතික ගුවන් සේවයේ පළමු ගුවන් නියමුවරයි වන අනුෂා සිරිරත්න මහත්මිය,හිටපු පාපැදි ශුරී වසන්ත කහපොළආරච්චි , ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා හා රංගන ශීල්පී ල්පිණි රම්‍යා වනිගසේකර ,ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදනය පිළිබඳ පළමු මහාචාර්යවරිය වන මහචාර්ය අජන්තා හපුආරච්ච යන මහත්මීන් මෙහිදී අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
මෙවර වනිතාභිමාන සම්මාන උළෙලේදී ජනප්‍රියතම කාන්තාව ලෙස සම්මාන ලැබුවේ ශලිනි තාරකායි.
1. රංගන ශිල්පිනී ශලිනි තාරකා
2. රංගන ශිල්පිනී දුශේනි මයුරංගි
3. ගායන ශිල්පිනී කාංචනා අනුරාධි
4. රංගන ශිල්පිනී රුවංගි රත්නායක
5. ක්‍රිකඩ් ක්‍රීඩිකා චමරි අතපත්තු යන දිරිය කාන්තාවන් මෙවර ජනප්‍රිය කාන්තාව වෙනුවෙන් තෙරීපත් වී තිබුණි.
මෙම උළෙලේදී අභිනන්දන සම්මාන 05 ක් පිරිනැමුණේ, සමාජ ප්‍රගමනය වෙනුවෙන් සිය දායකත්වය දුන් දිරිය කතුන්ගේ අනභීභවනීය දායකත්වය ඇගයීම සඳහා ය.
