English
தமிழ்
කර්තෘ Staff writer
16 Mar, 2023 | 6:20 am
ඊයේ (15) ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47ක් එක්ව සිටියේ ය.
ඔවුන් පවසන්නේ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා පනවා ඇති උපයනවිට ගෙවීම් බද්ද ක්ෂේත්‍ර රැසක වෘත්තීකයින් දැඩි අර්බුදයකට පත් කර ඇති බවයි.
සිය ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බැවින් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අද (16) උදෑසන 8.00ට තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ අතර දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පෙරවරු 6.30ට තාවකාලිකව අවසන් කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.
වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද පෙරවරු 7.00ට අවසන් කිරීමට තීරණය කර ඇතැයි වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, විදුලි සේවකයින් ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැඩවර්ජන ක්‍රියා මාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කළ බවයි.
මේ අතර අද පෙරවරු 8.00 සිට සිට බැංකු සේවකයින් සාමාන්‍ය පරිදි සිය රාජකාරි කටයුතුවල නිරත වන බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා සඳහන් කළේ ය.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට සහය පළ කරමින් දිවයින පුරා තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12ට අවසන් කළ බව තැපැල් එකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවසන් කළ බව ලොකොමෙටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ සභාපති කේ.යු කොන්තසිංහ මහතා පැවසීය.
මේ අතර සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද දහවල් රැස්වීමට නියමිතව තිබේ.
04 Oct, 2023 | 07:55 AM
04 Oct, 2023 | 06:09 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS