Meta සමාගම සේවක කප්පාදුවකට සැරසෙයි

Meta සමාගම සේවක කප්පාදුවකට සැරසෙයි

by Staff writer 15-03-2023 | 3:44 PM

COLOMBO (News 1st) - Meta සමාගමේ කාර්ය මණ්ඩලයේ 10,000 සේවයෙන් ඉවත් කිරීමට සිදුවන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මාක් සකබර්ග් පවසයි. 

බහුජාතික තාක්ෂණික සමාගමක් වන මෙටා සමාගමේ නිෂ්පාදන අතරට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඇතුළත් ය. 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්වීමත් සමග පසුගිය මාස කිහිපයේ දී සුප්‍රකට තාක්ෂණික සමාගම් කිහිපයකට සිය කාර්ය මණ්ඩලය කප්පාදු කිරීමට සිදු වූ අතර මෙටා සමාගම පසුගිය නොවැම්බර් මාසයේදීත් සේවකයින් 11,000ක් ඉවත් කිරීමට කටයුතු ක‍ළේ ය.