.webp)
COLOMBO (News 1st) - හොන්ඩියුරාස් රාජ්‍ය චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ට්විටර් පණිවුඩයක් යොමු කරමින් හොන්ඩියුරාස් ජනාධිපති ෂියෝමාරා කැස්ත්‍රෝ පවසන්නේ, චීනය සමග නිල සබඳතා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් විදේශ අමාතවරයාට උපදෙස් දුන් බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, චීනය සමග සබඳතා සඳහා වන හොන්ඩියුරාස් ප්‍රවේශය එරට තායිවානය සමග පවතින දිගුකාලීන නිල සබඳතා බිඳ දැමීමට හේතුවක් වනු ඇති බවයි.
පටුකා I ජලවිදුලි වේල්ලක් ඉදිකිරීම සඳහා චීනය සමග සාකච්ඡා කරන බවට කැස්ත්‍රෝගේ රජය ප්‍රකාශ කිරීමෙන් සති කිහිපයකට පසුව හොන්ඩියුරාස් - චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ නිවේදනය කරලියට පැමිණීම ද විශේෂත්වයකි.
One China' ප්‍රතිපත්තිය යටතේ කිසියම් රටකට චීනය සමග හෝ තායිවානය සමග එකට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්විය නොහැකියි.
චීනයට අවශ්‍ය යම් දිනක බලහත්කාරයෙන් අත්පත් කර ගත හැකි ස්වයං පාලනයක් සහිත හොන්ඩියුරාස් තායිවානය චීනයෙන් වෙන්ව සිටින බවට පිළිගන්නා රටවල් 14 න් එකකි.
නව වේල්ල ඉදිකිරීම පිළිබඳ නිවේදනය කරමින් තායිවාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රට් බලශක්ති සැපයුම ඉහළ නංවන මෙම ව්‍යාපෘතිය සඳහා චීනය මුදල් යොදවන බවයි.
කෙසේ වෙතත් ඔහු එම අවස්ථාවේ චීනය සමග සබඳතා ඇති කර ගැනීමට යන බවට වන ප්‍රකාශ බැහැර කළේ ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තායිවාන විදේශ අමාත්‍යවරයා හොන්ඩියුරාස් රාජ්‍යයෙන් ඉල්ලා සිටින්නේ, චීන උගුලට හසුවී තායිවාන - හොන්ඩුරාස් දිගුකාලිීන මිතුදම පළුඳුවෙන වැරදි තීරණයක් නොගන්නා ලෙසයි.
මේ අතර හොන්ඩියුරාස් පළමු කාන්තා ජනාධිපතිවරිය වන කැස්ත්‍රෝගේ මැතිවරණ ව්‍යාපාරයේ එක් පොරෙන්දුවක් වූයේ, තමා ජයග්‍රහණය කළ වහාම චීනය සමග වන වෙළෙඳ මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා දොරටු විවෘත කරන බවයි.