.webp)
COLOMBO (News 1st) - වර්ජනය පැවතිය ද අද (15) උදෑසන දුම්රිය ගමන් වාර 20 ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී.එස්. ගුණසිංහ මහතා පවසයි.
ඔහු පැවසුවේ, බෙලිඅත්ත,ගාල්ල, අවිස්සාවේල්ල, මහනුවර,රඹුක්කන ,අලුත්ගම, හා මහව යන ප්‍රදේශවල සිට මෙම දුම්රිය ධාවනය කළ බවයි.
පස්වරුවේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සාමාන්‍ය දිනකදී කාර්යාලයීය දුම්රිය 45 ක් පමණ කොළඹට ධාවනය කරන බවයි.
මේ අතර වෘත්තීය සමිති පැවසූවේ, ඊයේ (14) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ දුම්රිය රියැදුරු වැඩ වර්ජනය අද (15) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක බවයි.
අප වාර්තාකරුවන් පැවසූවේ, වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා මතුව ඇති බවයි.
මේ අතර වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට දැඩි බාධා මතුව තිබේ.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ, රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමිනි.
ඊට රජයේ වෛද්‍යවරුන් , විශේෂඥ වෛද්‍යවරුන් , විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින් ,බැංකු නිලධාරීන් , ඛනිජතෙල් , ජල සම්පාදන , මාර්ග සංවර්ධන , අධ්‍යාපන පරිපාලන , මිනින්දෝරු , දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47 ක සාමාජිකයෝ වර්ජනයට එක්ව සිටිති.