මුද්‍රණාලය මහා භාණ්ඩාගාරයෙන් යළිත් මුදල් ඉල්ලයි

මැතිවරණ කටයුතුවලට මුදල් ඉල්ලා මුද්‍රණාලයෙන් මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක්

by Staff writer 15-03-2023 | 12:58 PM

 

COLOMBO (News 1st) - මැතිවරණ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව, රජයේ මුද්‍රණාලය පවසයි.

මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අදාළ ලිපිය යොමු කළ බවයි.

එහි පිටපතක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද යොමු කළ බව ඇය ප්‍රකාශ කළා ය.

මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ, මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශයට යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.