'හරක් කටා සහ 'කුඩු සලිඳු' දිවයිනට රැගෙන එයි

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් 'හරක් කටා සහ 'කුඩු සලිඳු' දිවයිනට රැගෙන එයි

by Staff writer 15-03-2023 | 8:28 AM

COLOMBO (News 1st) -   මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  හා අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා ' සහ සලිඳු මල්ෂක නොහොත් කුඩු සලිඳු නමැත්තා අද  (15) මෙරටට රැගෙනවිත් තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් විසිනි.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ආරම්භ කරන බවයි.

හරක් කටා  සහ කුඩු සලිඳු ඇතුළු පිරිසක් පසුගිය දා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනිණ.