.webp)
COLOMBO (News 1st) – මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. පී. නොයෙල් දසන්ත ස්ටීවන් මහතා එම ධුරයෙන් සහ මන්ත්‍රී සභික ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.
ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.
නොයෙල් ස්ටීවන් මහතාට එරෙහිව ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ ඒක පුද්ගල පරීක්ෂණ කමිටුව තීරණය කර ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන තිබේ.
ගොඩනැගිලි සැලසුමක් අනුමත කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබාගත් අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියැදුරු මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකදී අත්අඩංගුවට ගෙන තිබිණ.