සා/පෙළ කල්දැමීමක් ගැන අධ්‍යාපන ඇමති කැබිනට් මණ්ඩලයට දැනුම් දී නැහැ - කැබිනට් ප්‍රකාශක

by Staff writer 14-03-2023 | 4:04 PM

COLOMBO (News 1st) - සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා  කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක් සිදු කර නැතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, සා/ පෙළ විභාගය කල්යාමක් සිදු වන්නේ දැයි, අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

කෙසේවෙතත් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර නොබැලීම තුළ නිර්මාණය වී ඇති දැවැන්ත ආරවුල විසඳා ගැනීම සඳහා කළ හැකි සියලු දේ සිදු කළ බවට  අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද  කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. 

''මුදල් අර්බුදය පවතින වටපිටාවකදීත් ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම සඳහා ගෙවන ගාස්තුව 100%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කර තිබියදීත් ප්‍රශ්න පත්‍රවල ලකුණු දීමේ ක්‍රමය සකස් කිරීම විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් එය ලකුණු කරලා දෙන්නේ, නෑ කියලා අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා''