.webp)
COLOMBO (News 1st) - උපනූපන් පරම්පරාවල්වලට හෝ රට තුළ ජීවත් වීමට හැකියාවක් ලැබෙන්නේ, ජාතික අර්බුදයක් පවතින අවස්ථාවේ අමාරු කැපවීම සිදු කළ හොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
''මේක සම්පූර්ණයෙන් දේශපාලන වැඩසටහනක්. කිසිම දේශපාලන විසඳුමක් නැ... තියෙන්නෙ, ආර්ථික විසඳුමක් පමණයි. ඒ විසඳුම ටිකක් ජනප්‍රිය නැහැ.. වේදනාකාරී අපි හැමෝටම හිරිහැරයි. කරදරයි අමාරුයි. ඒ අමාරු කැපවීම, ජාතික අර්බුදයක් අවස්ථාවේදී කළොත් පමණයි, උපනූපන් පරම්පරාවල්වට හරි මේ රට ඇතුළෙ ජීවත්වෙන්න පුළුවන් වෙන්නෙ''
දීපව්‍යාපත්ව හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේ ය.
කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි අවස්ථාවක කඩාකප්පාල්කාරි ක්‍රියා හෝ රට වැටී ඇති තැනින් තවත් පහළ හෙළන ආකාරයෙන් ක්‍රියා කිරීම රටක ජාතියකට කරන අපරාධයක් මෙන්ම දේශද්‍රෝහි ක්‍රියාවක් බවයි.
''රජය අමාරුවෙන් දවස් ගණන් ම කිසිදු පෝලිමක් නැතිව, පැය 12ක් විදුලිය කපපු රටේ විදුලිය කැපීම නවත්තලා තියෙනවා, දවස් ගණන් තෙල් පෝලිම්වල සිටි ජනතාව මැරිලා වැටෙන තත්ත්යක් තිබිලා, දැන් කිසිදු පෝලිමක් නැහැ. ගෑස් හොයමින් ඇවිදින්නේ නෑ...''
රජය විසින් මේ වනවිට ප්‍රවාහනය, වරාය, ගමනාගමනය තැපැල් විදුලි ආදිය අත්‍යවශ්‍ය සේවාවන් කර ඇති බවත් ඒ අනුව රටේ පොදු නීතිය කඩ කළොත් ඊට ගන්නා ක්‍රියාමාර්ග නීතය කඩ කළ පසු ගනු ඇති බවත් කැබිනට් ප්‍රකාශකවරයා පැවසී ය.