උ/පෙළ ඇගයීම් සඳහා ගුරුවරු 6000කගේ හිඟයක්

උ/පෙළ ඇගයීම් සඳහා ගුරුවරු 6000කගේ හිඟයක්

by Staff writer 14-03-2023 | 6:47 AM

COLOMBO (News 1st) - උසස් පෙළ විභාග ඇගයීම් සඳහා තවත් ගුරුවරුන් 6000ක පමණ හිඟයක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, මේ වනවිට ඇගයීම් රාජකාරී සඳහා අයැදුම්පත්‍ර 13,000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් ලැබී ඇති බවය.

ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 19,000ක් පමණ අවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙයි.

ප්‍රධාන වශයෙන් විද්‍යා විෂය ධාරාවේ ඇගයීම් සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, උත්තර පත්‍ර ඇගයීම් සඳහා අයැදුම්පත්‍ර යොමු කිරීමේ අවස්ථාව තවදුරටත් ලබා දී ඇති බවයි.

පසුගිය 8 වැනි දායි එය අවසන් වීමට නියමිතව තිබුණත්, පවතින තත්ත්වය තුළ එම කාලය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ඔහු පැවසීය.