.webp)
අහමදාබාද්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
ඒ අනුව ඔවුන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 480කි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උස්මන් කවාජා ලකුණු 180ක් රැස් කළේ ය.
සිය මංගල ටෙස්ට් ශතකය සමග කැමරන් ග්‍රීන් ලකුණු 114යි.
රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 91ට කඩුලු 6ක් බිඳ හෙළීය.
ඉන්දීය පිළිතුරු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 571කි.
ශුබ්මන් ගිල් ලකුණු 128ක් රැස් කර ඇත.
වසර 4කට පසු ටෙස්ට් ශතකයක් ලබා ගත් සුපිරි පිතිකරු විරාට් කෝලි රැස් කළ ලකුණු සංඛ්‍යාව 186කි.
අක්සාර් පටෙල් ලකුණු 79යි.
නේතන් ලියොන් සහ ටොඩ් මර්ෆි කඩුලු 3 බැගින් බිඳ හෙලුවේ ය.
ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 14කට සීමා කරමින් මැතිව් කුනේමන් පිටියෙන් ඉවත් වුණේ ලකුණු 6කටයි.
දෙවැනි කඩුල්ලට ට්‍රැවිස් හෙඩ් සමග එක් වූ මාර්නස් ලැබුෂේන් ලකුණු 139ක සබඳතාවයක් ගොඩනැගුවේ ය.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 90යි.
තරගය අවසන් වනවිට ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිම සටහන් වුණේ, කඩුළු 2ක් දැවී ලකුණු 175ක් ලෙසයි.
අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුව ද ඉන්දියාව තරගාවලිය ජය ගත්තේ තරග 2ට 1ක් ලෙසයි.
ඒ සමගින් ඔවුන් ඔස්ට්‍රේලියාව සමග මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්තේ ය.