ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරුවන් වර්ජනයේ

අද (14) මධ්‍යම රාත්‍රී සිට ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරුවන් වර්ජනයේ

by Staff writer 14-03-2023 | 12:14 PM

COLOMBO (News 1st) -  අද (14) රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් සඳහා සිය සේවාවලින් ඉවත් වන බව ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමය පවසයි. 

එහි ලේකම් ඒ. ටී. ජයසිංහ මහතා සඳහන් කළේ, ආසාධාරණ බදු අය කිරීම්, වැඩිවන ජීවන වියදම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.