ජනපති හමුවීමට වෘත්තීයවේදීන්ට අවස්ථාව

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනපති හමුවට

by Staff writer 13-03-2023 | 6:48 PM

COLOMBO (News 1st) – පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අද (13) රාත්‍රීයේ දී  විශේෂ සාකච්ජාවක් ලබා දුන් බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

වෘත්තීයවේදීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති සාමාජිකයින් 10 දෙනෙකු පමණ අද (13)සාකච්ඡාවට සහභාගි වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, මෙම සාකච්ජාවෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැන වෘත්තීයවෙදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණයක් ගන්නා බවයි.