.webp)
COLOMBO (News 1st) – රුපියල් මිලියන 17 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලේදී පුද්ගලයෙකු රේගු භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ, බ්‍රසීලයේ සිට පැමිණි මැසඩෝනියානු ජාතිකයෙකු පරීක්ෂා කිරීමේදී අදාළ කොකේන් තොගය සොයා ගත් බවයි.
වයස අවුරුදු 54 ක් වන අදාළ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිතයි.