මහින්දානන්දගේ ගුවන් ගමන් ගැටලුව :විමර්ශන ඇරඹේ

මහින්දානන්දගේ ගුවන් ගමනට හරස් වූ දත්ත පද්ධති ගැටලුව ගැන විමර්ශනයක්

by Staff writer 13-03-2023 | 3:03 PM

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගුවන්තොටුපොළෙන් හරවා යවා ඇත්තේ, ඔහුගේ ගමන් බලපත්‍ර දත්ත පද්ධතියට වෙනත් අයෙකුගේ තොරතුරක් ඇතුළත් වීම හේතුවෙන් බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන විගමන පාලක ජනරාල්,හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, අදාළ තොරතුර ඇතුළත්වීම හේතුවෙන් ගුවන් ගමන් තහනම් ලැයිස්තුව බලාත්මක වීමෙන් අදාළ සිදුවීම සිදුව ඇති බවයි.

එම තොරතුර, පද්ධතියට ඇතුළත් කළ නිලධාරිනියගේ සේවය මේ වන විට අත්හිටුවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.